කුලී නිවාස දෙන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

කුලී නිවාස දෙන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

කුලී පදනම මත නිවාස ලබා දෙන්නන්ට පොලිසිය විශේෂ දැනුම් දිමක් සිදු කර තිබේ.

ඒ ඊයේ (04) යාපනය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟයි.

යාපනය ප්‍රදේශයේ දරුණු අපරාධ රැසක් සිදුකළ කප්පම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වන ආවා නමැති කල්ලියේ නායකයා බවට සැක කෙරෙන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනුණ අතර, ඔහු අවුරුදු 25 ක් වන කවුෂිකන් නීලයම් වනෙයි නමැත්තෙකි.

පොලිසිය ප්‍රකාශ කළේ, ප්‍රභා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන මෙම පුද්ගලයා මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඒ අනුව කුලී පදනම මත නිවාස ලබාගන්නා පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරුකර ගත යුතු අතර කිසියම් හෝ සැකයක් පවතීනම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසයි පොලිස් මූලස්ථානය ජනාතාවගෙන් ඉල්ලා සිටී.