යාපනයේ වෙළෙඳසැල් 03ක ගින්නක්

යාපනයේ වෙළෙඳසැල් 03ක ගින්නක්

යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළෙඳසැල් තුනක අද (28) අළුයම් කාලයේ දී හදිසි ගින්නක් හටගෙන ඇත.

යාපනය පොලිසිය, යාපනය මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්න හේතුවෙන් රෙදිපිළි වෙළෙඳසැලක් හා පාසල් බෑග් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර යාබඳ පිහිටි තවත් වෙළෙඳසැල් දෙකකට හානි සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

මේවන විට විදුලිබල මණ්ඩලය විසින් අදාළ ගොඩනැගිල්ලේ විදුලි සැපයුම ද තාවකාලිකව විසන්ධි කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.