කෙහෙළිය බන්ධනාගාර රෝහලේ ඉන්න බෑ කියයි

කෙහෙළිය බන්ධනාගාර රෝහලේ ඉන්න බෑ කියයි

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලේ සිටීමට අපහසු බව පවසමින් පෞද්ගලික රෝහලකට මාරු කර යවන ලෙස ඉල්ලීම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

ඒ මහතාට අවශ්‍ය ඖෂධ ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවේ රෝහලකින් බැවින් ඒ අනුව ඔහුට ඒ බෙහෙත් ලබා ගැනීමට පෞද්ගලික රෝහලකට යා යුතු බව දැනුම් දී ඇති බව සඳහන්.

එමෙන්ම එම ඉල්ලීම් ඉටු කළහොත් එය අනුමත කරන බන්ධනාගාර වෛද්‍යවරුන්ට එරෙහිවත් ක්‍රියාමාර්ග ගත යුතු බවයි, එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.