පැමිණිල්ලක් බාර නොගත් කොස්තාපල්ගේ වැඩ තහනම්

පැමිණිල්ලක් බාර නොගත් කොස්තාපල්ගේ වැඩ තහනම්

සියපුතු ලේලියට පහර පහරදෙන බවට පවසා මාවතගම පොලීසියට කළ පැමිණිල්ලක් සටහන් කර නොගත් පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනම් කළ බව මාවතගම පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 17 දින රාත්‍රී උපසේවයේ යෙදී සිටියදී එදින පොලිසියට වයෝවෘද්ධ පුද්ගලයකු සිය පුතු ලේලියට අමානුෂික ලෙස පහරදෙන බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සැකකාර කොස්තාපල් එම පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මාවතගම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

Share This