ශ්‍රී ලංකා පොලීසියේ 158 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් සහ සමාජ ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප්‍රකාශ කළේ.

එසේම දිවයින පුරා මහජන සම්බන්ධතා සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් ද පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොලිසිය, දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ කරනු ලැබුවේ, 1866 සැප්තැම්බර් මස 3 වනදායි.