නාල්ල ත්‍රි පුද්ගල ඝාතකයා ඇල්ලූ පොලිස් නිලධාරීන්ට ලක්ෂ 14 ක්

නාල්ල ත්‍රි පුද්ගල ඝාතකයා ඇල්ලූ පොලිස් නිලධාරීන්ට ලක්ෂ 14 ක්

නාල්ල ත්‍රි පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන්ට පොලිස් ත්‍යාග මුදල් ලබාදීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා නාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එදින අළුයම පාපැදියක් සමග මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව සිදුකළ විමර්ශනයේ දී එම සැකකරු ත්‍රිපුද්ගල ඝාතනයක් සිදුකර දේපල සොරකම් කර පළා යමින් සිටි සැකකරුවෙකු බව අනාවරණය කරගැනීමට මෙම නිලධාරීන් සමත් වූ බව සඳහන්.

ඵලදායී ලෙස රාජකාරියේ යෙදී සිටිමින්, රාජකාරිය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරමින් පොලිස් නිලධාරියෙකුගේ භූමිකාව එසේ ප්‍රසංසනීය ලෙස විදහා දැක්වූ මෙම නිලධාරීන් කණ්ඩායම බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඇගයීමට ලක් කෙරුණා.

එහිදී කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්ෂකවරයාහට පොලිස් ප්‍රශංසාවක් මෙන්ම අන් නිලධාරීන් තිදෙනා වෙත පොලිස් ත්‍යාග අරමුදලින් පිරිනැමීමට නියමිත ලක්ෂ ලක්ෂ 14 ක මුදලින් අඩක් පිරිනැමූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නාල්ල ත්‍රි පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන්ට ලක්ෂ 14 ක්