ඕස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන්නැයි ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්

ඕස්ට්‍රේලියානු රජයට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන්නැයි ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසිනි.

අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගම අදාළ වන්දිය ඕස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය.

පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීම එම චෝදනාවයි.

මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා තිබුණි.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බවය.

Share This