මුලින්ම පැවැත්වෙන මැතිවරණය ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

මුලින්ම පැවැත්වෙන මැතිවරණය ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (22) දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර ඇත.

රජයෙන් මුදල් වෙන් ‌කර ඇත්තේ ජනාධිපතිවරණයක් සඳහා බවත් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙනකර නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.