පොලිස් කාර් රථයකට ගිනි තැබූ 03 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් කාර් රථයකට ගිනි තැබූ 03 දෙනෙකු අත්අඩංගුවට

පසුගිය වසරේ මැයි 9 වනදා ඇතිවූ කලබලකාරී තත්ත්වය තුළදී පංචිකාවත්ත ප්‍රදේශයේදී පොලිස් කාර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ සිදුකළ විමර්ශනයකට අදාළව ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 31 හා 46 යන වයස්හි පසුවන මාලිගාවත්ත හා කොළඹ 12 පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This