කොඩිකාමම් පොලිස් ස්ථානයේ ට්‍රැෆික් OIC රිය අනතුරකින් ජීවිතක්ෂයට

කොඩිකාමම් පොලිස් ස්ථානයේ ට්‍රැෆික් OIC රිය අනතුරකින් ජීවිතක්ෂයට

යාපනය කොඩිකාමම් පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ රාත්‍රී 10ට පමණ තල්අඩි ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව එම ස්ථානයේම මියගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ ආර්.එම්. ගුණවර්ධන නැමති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පොලිසිය පවසන්නේ මෙම නිලධාරියා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහුගේ පිටුපසින් පැමිණි ලංගම බස් රථයක් යතුරු පැදියේ ගැටී පොලිස් ස්ථානාධිපතිවරයා යතුරු පැදියත් සමග මහ පාරට වැටුණු පසු ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් ඔහුව යට කරගෙන යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවය.

Share This