නව පොලිස්පති වැඩ භාරගනී

නව පොලිස්පති වැඩ භාරගනී

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා වන අතර ඒ මහතා මාස තුනකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29 වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළේය.

ඒ අනුව, ඔහු මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබීය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇත්තේ 1998 වසරේ පෙබරවාරි 23 වැනිදාය.

Share This