දෙපිරිසක් අතර ගැටුමකින් වාහන දෙකක් ගිනිබත් වෙයි

දෙපිරිසක් අතර ගැටුමකින් වාහන දෙකක් ගිනිබත් වෙයි

බහින්බස් වීමක් දුරදිග ගොස් යාපනයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු වාහන දෙකක් අද (15) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පවසයි.

අවුරුදු දවසේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් අදාල දෙපිරිස අතර අද අලුයම මෙම ගැටුම හට ගෙන තිබේ.

ගැටුමට සම්බන්ධ පිරිස් කුඩා ලොරි රථයකට හා ත්‍රිරෝද රථයකට ගිනි තබා ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බවත් කෙසේ වෙතත් මෙම ගිනි තැබීම හේතුවෙන් අදාළ වාහන දෙකට දැඩි හානි සිදුව අති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Share This