web hit counter
ශීත ඍතුවේ පළමු පෝලන්ත සංචාරකයන් පිරිස කටුනායකට

ශීත ඍතුවේ පළමු පෝලන්ත සංචාරකයන් පිරිස කටුනායකට

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කරමින්, ප්‍රථම මංගල ගුවන් යානය අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

186 දෙනෙකුගෙන් සමන්විත මෙම පෝලන්ත ජාතික සංචාරකයන් අතර වැඩිපුර තරුණ පිරිසක් සිටීම විශේෂත්වයක් විය.

මෙසේ ශීත ඍතුව තුළ පෝලන්ත සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙවර සිදු වන්නේ 13 වැනි වරටය.

2023 වසරේ නොවැම්බර් මාසයේ සිට එළඹෙන 2024 මාර්තු මාසය දක්වා මේ ආකාරයට පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමට නියමිතය.

මෙම පෝලන්ත සංචාරකයන් අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන උණවටුන, ආරුගම්බේ මුහුදු තීර වල සහ ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන තුළ ද සංචාරය කිරීමට නියමිතය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )