පොහොට්ටුවේ මංගල රැලිය හෙට අනුරාධපුරයේදී

පොහොට්ටුවේ මංගල රැලිය හෙට අනුරාධපුරයේදී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය හෙට (21) අනුරාධපුරයේ දී පවත්වන බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පොහොට්ටු පක්ෂයේ අතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක්වුවද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් බිම්මට්ටමේ සියලුම දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බව ඔහු පැවසීය.

කඩපනහ භූමියේදී පවත්වන රැලියට පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමා පක්ෂ සංවිධායකයින්ට පැවසූ බව නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

වෙනත් පක්ෂ සෙනග පෙන්වීම සදහා පිටපළාත් වල බස් වලින් සෙනග ගෙන එන බවත් අප එසේ පිටපළාත් වලින් සෙනග ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකල යුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

අනුරාධපුර ජනතාවට හෙට එනම් අගෝස්තු 21 දින අනුරාධපුර කඩ පනහ රැස්වීමට පැමිණෙන ලෙසද නාමල් රාජපක්ෂ ආරාධනයක්ද සිදු කළේය.