පොහොර වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පොහොර වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත් වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (26) තීරණය කළේය.

ගොවි සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලා ඒ අනුව මෙම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට දිස්ත්‍රික්ක කිහිපයක ගොවි ජනතාවට පොහොර මිල දී ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීම නිසා මෙම තීරණය ගෙන ඇත.

අම්පාර හා උතුරේ මෙන්ම උතුරු මැද පළාතේත් ඇතැම් දිස්ත්‍රික්කවල මේ වනවිට යල කන්නයේ අස්වනු නෙලන කාලය බැවින් නැවත පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් නැතැයි ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

Share This