තොටළඟ පොඩ්ඩිගේ නිවෙසින් මත්ද්‍රව්‍ය හා කෝටි එකහමාරක මුදලක් සොයා ගනී

තොටළඟ පොඩ්ඩිගේ නිවෙසින් මත්ද්‍රව්‍ය හා කෝටි එකහමාරක මුදලක් සොයා ගනී

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන තොටළඟ පොඩ්ඩිගේ නිවෙසින් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් ඉපැයු රුපියල් කෝටි එකහමාරක මුදලක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් නාගලගන්වීදිය ප්‍රදේශයේ දී වැටලීම සිදුකර ඇති අතර හෙරොයින් ග්‍රෑම් දෙසිය හැටහතරක්, මත්කරල් 760ක් හා රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ද සොයා ගෙන තිබේ.

තොටලග ප්‍රදේශයේ මහාපරිමාණ ජාවාරම්කාරියක වන තොටළඟ පොඩ්ඩි නැමැත්තිය හා ඇගේ සැමියා වන සරණා යන අයට මෙම නිවස අයත් බවයි මූලික විමර්ෂණවලදී හෙළිවී ඇත්තේ.

Share This