PHI නිලධාරීන් 3000ක් දිවයින පුරා වෙළෙඳ සැල් පරීක්ෂාවට

PHI නිලධාරීන් 3000ක් දිවයින පුරා වෙළෙඳ සැල් පරීක්ෂාවට

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

සිදුකළ වැටලීම් වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර ඇති බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This