දේශබන්දු ගේ “යුක්තිය” නිසා දරුවන් පාතාලයටත් කාන්තාවන් ගණිකා වෘත්තීයටත් යොමුවෙලා – පාඨලී

දේශබන්දු ගේ “යුක්තිය” නිසා දරුවන් පාතාලයටත් කාන්තාවන් ගණිකා වෘත්තීයටත් යොමුවෙලා – පාඨලී

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ ‘යුක්තිය’ දීප ව්‍යාප්ත මෙහෙයුම හේතුවෙන් මවුපියන් දෙදෙනාම අත්අඩංගුවට පත් වන දරුවන් නිවෙස් තුළ අනාරක්ෂිතව සිටීමෙන් දරුවන් පාතාලයට බැඳීමටත් දැරියන් ගණිකා වෘත්තියට යොමුවීමටත් පෙළඹී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“වාර්තාවලට අනුව, කොළඹ ප්‍රදේශයේ මාපියන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ දරුවන් අතරමං වෙලා. ඔවුන්ට කෑම බීම, ආරක්ෂාව දෙන්න කෙනෙක් නැහැ. සමහර දරුවන්ට සල්ලි නැති නිසා මාපියන් වෙනුවෙන් නීතිඥ සේවයක් ලබාගන්න හැකියාවක් නැහැ.

තවමත් අපිට මත්කුඩු සපයන ව්‍යාපාරයේ තෝරු මෝරු පොලිසියෙන් අල්ල ගත්තා කියලා පණිවිඩයක් ලැබිලා නැහැ. ප්‍රධාන සැකකරුවන්ගේ නම් බොහොමයක් ජනමාධ්‍යවල නිතර ප්‍රචාරය වුණා. ඒත් පොලිසියට ඔවුන් අල්ලගන්න පුළුවන් වෙනවා අපි තවමත් දැක්කේ නෑ.

පහුගිය දවස්වල අපි දැක්කා පොලිසිය මුහුදු වෙරළේ හෝටල් බුල්ඩෝසර් දාලා විනාශ කරනවා. වෙරළේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න කටයුතු කරන්න වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්පූර්ණ බලය තියෙනවා.

ඒවා ඉවත් කරන්න අධිකරණ නියෝගයක් ගන්න ඕන. පොලිසිය මැදිහත් වෙලා, තෝරාගත් අනවසර ඉදිකිරීම් ඉවත් කර එම ඉදිකිරීම් සිදුකර ඇත්තේ ඒවා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් වලින් බව සඳහන් කරමින්. ඒක නීතියට පටහැනි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කඩා දැමීම සඳහා තෝරාගත් පුද්ගලයන්ගේ හෝටල් තෝරාගැනීම සහ තවත් සමහර හෝටල් වලට ව්‍යාපාර කරගෙන යෑමට ඉඩහැරීම අතර පැහැදිලි සම්බන්ධයක් පවතින බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

එබැවින් යුක්තිය මෙහෙයුමේ ප්‍රතිඵලය පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන ලෙස මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

Share This