ගංවතුර ප්‍රදේශවල ජනතාවට මාර්ගෝපදේශ මාලාවක්

ගංවතුර ප්‍රදේශවල ජනතාවට මාර්ගෝපදේශ මාලාවක්

ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

නොකළයුතු දේ:

1. ගංවතුර ජලයෙන් හැකිතාක් වළකින්න: ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුය. එහි හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැක.
2. ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්න: ගංවතුරෙන් යටවුණු ්‍රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ ගංවතුරෙන් යටවූ ආහාර ඉවත දමන්න.
3. දරුවන් ගංවතුරට නිරාවරණය වීම හැකිතාක් වලක්වන්න: රෝග වැළැක්වීම සඳහා දරුවන් සහ සුරතල් සතුන් දූෂිත ජලයෙන් ඈත් කරන්න.
4. රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා: ඔබට අසනීප බවක් දැනේ නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකරන්න.
5. අපිරිසිදු ජලය භාවිතා කිරීමෙන් වළකින්න: බීමට, ආහාර පිසීමට හෝ නෑමට ගංවතුර ජලය භාවිතා නොකරන්න.

අනුගමනය කළයුතු දේ:

1. සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන රෝග වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 1 ක් වත් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය භාවිතා කරන්න. ගංවතුරෙන් යටවුනු ලිං වලින් ජලය භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න.
2. දැනුවත්ව සිටින්න: දේශීය පුවත් සහ කාලගුණ අනාවැකි සමඟ යාවත්කාලීනව සිටින්න.
3. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම: ගංවතුර ජලයෙන් මදුරුවන් බෝවීම වැඩි විය හැක. එම නිසා තමන්ගේ නිවස අවට ජලය එකතු වී තිබිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කරන්න.
4. ආරක්ෂිත ඇඳුම් අඳින්න: ගංවතුර හරහා ගමන් කරන විට ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට උත්සාහ කරන්න.
5. ආහාර සුරක්ෂිතව ගබඩා කරන්න: ආහාර අපිරිසිදු වීම වැළැක්වීම සඳහා ආහාර ජලගැලීම් වලට හසු නොවන ස්ථානවල ගබඩා කිරීම හෝ ජලය කාන්දු නොවන බහාලුම්වල ආහාර ගබඩා කර තබා ගන්න.
6. අත් සෝදන්න: විශේෂයෙන් ආහාර ගැනීමට හෝ ආහාර පිළියෙළ කිරීමට පෙර සබන් යොදා නිතරම අත් සෝදන්න.
7. වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න: ඔබ හෝ පවුලේ සාමාජිකයෙකු අසනීප වීමේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ළඟම ඇති රජයේ රෝහල වෙත යන්න.