ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුයි – පාඨලී චම්පික රණවක

ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුයි – පාඨලී චම්පික රණවක

නීත්‍යානුකූලව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊට විකල්ප නැත. අවශ්‍යතාවක් පවතී නම් පාර්ලිමේන්තු මැතිවරණයක් ද කැඳවිය හැකි බව හෙතෙම පෙන්වා දෙයි. මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් වෙන් කර තිබේ.

ඒ නිසා, නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධකයක් නැතැයි පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

කාලීන අවශ්‍යතාවක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුවුවහොත් එම අභියෝගය ද භාර ගැනීමට සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි. රටේ අර්බුදවලින් ජනතාව මුදා ගැනීම සඳහා සැමට එක්විය හැකි පොදු අවම වැඩපිළිවෙළක් එක්සත් ජනරජ පෙරමුණ ප්‍රකාශයට පත් කළේය.

ඒ යටතේ පිරිසිදු, මනුෂ්‍යත්වයට ප්‍රමුඛස්ථානය ලබාදෙන පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය අරමුණයි. ඊට නායකත්ව මණ්ඩලයක් පත්කෙරේ.

එහි තීරණ මත ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් කළහොත් අභියෝගය භාර ගැනීමට සූදානම් බව රණවක මහතා සඳහන් කරයි.

වෙනත් අයෙකු නම් ඔහුට පූර්ණ සහාය පළ කරන බව ද ඔහු සඳහන් කරයි.