පාස්පෝට් නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක්

පාස්පෝට් නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත අද (18) දින සිට පැමිණෙන සියලුදෙනා කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

මේ වන විට පවතින දැඩි තදබදය පිළිබඳ අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ජූනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බවයි.

මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගුවන් ගමන් බලපත්‍ර සේවා සිදු කළේ, පූර්ව දින වෙන් කිරීමේ ක්‍රමවේදයටයි.

ඒ අනුව කලින් දිනයක් වෙන් කරවාගත් ජනතාවට එම නියමිත දිනට සහ වේලාවට පැමිණ සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබුණා.

නමුත් ඇතැම් තැරැව්කරුවන් නිසි ක්‍රමවේදයෙන් පිට අනීතික ලෙස ජනතාවට සේවා සැලසීමට උත්සාහ කිරීම නිසා පූර්ව දින වෙන්කිරීමේ ක්‍රියාවලිය නවතා දැමීමට සිදුවූ බව වාර්තා වනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනරාල් වරයා සිටියේ ජනතාව රවටා මුදල් ගන්නා තැරැව්කරුවන් යම් ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම තත්වය හේතුවෙන් බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ දින කිහිපයක සිට දැඩි තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

ඊයේ (17) එක්දින සේවාව ද අවලංගු කර තිබුණේ ද මෙම තදබදය හේතුවෙන් බව සඳහන්.