රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන හොයන්න විශේෂඥ කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සෙවීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් පිළිබඳව එම සේවක කණ්ඩායම් සහ අදාළ වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරන නියෝජනයන් සැලකිල්ලට ගෙන එම වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම අදාළ කමිටුවෙන් සිදුවනු ඇති.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් අදාළ විෂමතාවයන් නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට මෙලස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.