එංගලන්ත තරුණිය ගල්කිස්සේ මහල් නිවාසයෙන් පැන්නාද? වැටුණාද?

එංගලන්ත තරුණිය ගල්කිස්සේ මහල් නිවාසයෙන් පැන්නාද? වැටුණාද?

ගල්කිස්ස අල්විස් පෙදෙස “බ්ලූඕෂන්” නිවාස සංකීර්ණයේ නැවතී සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් තිබේ.

ඊයේ (09) අලුයම 2.00 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සිනනයියා අලගේෂ්වරන් රොමීනා නමැති තරුණියකි.

ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.

මෙම තරුණයාගේ ආරාධනය මත අප්‍රේල් මස ලංකාවට පැමිණි ඇය අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි අදාළ නිවාසය කුලියට ගෙන එහි පදිංචිව සිට ඇත.

අද (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු බව හෙළි වී තිබේ. ඊයේ අලුයම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.

මෙය මිනී මැරුමක් ද සිය දිවි හානි කරගැනීමක් ද යන්න පිළිබඳව මේ වනතුරුත් තොරතුරු අනාවරණය වී නැත.

මියගිය තරුණිය සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නීති ශිෂ්‍යයා සිද්ධිය සම්බන්ධව සැක පිට පොලිස් බාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

Share This