උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානයක් සංශෝධනය කෙරේ

උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානයක් සංශෝධනය කෙරේ

පවතින ආපදා තත්වය හේතුවෙන් අනිද්දා (04) සිට ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථානයක් සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි.

එම විභාග මධ්‍යස්ථානයේ දී විභාගය සඳහා පෙනී සිටීමට සිටි අපේක්ෂකයින් සඳහා ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ නව විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

මේ අතර මෙවර උ/පෙළ විභාගය සඳහා ප්‍රථම වරට කොරියානු භාෂාව විෂයක් ලෙස හඳුන්වා දී ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයැදුම්පත් නොලැබී ඇති අපේක්ෂකයින් හට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයැදුම්පත්‍ර භාගත කර ගත හැකි බවයි.

මෙවර අ.පො.ස උ/පෙල විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ හතලිස් හය දහස් නවසිය හැත්තෑ හයක් පෙනී සිටිමට නියමිතය.

ඉන් දෙලක්ෂ අසු ඒක් දහස් හරසිය හතලිස් පහක් පාසල් අයැදුම්කරුවන් වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 65, 531 කි.

මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2258 ක් ස්ථාපිත කර තිබේ.