අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ගැන දැනුම් දීමක්

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ගැන දැනුම් දීමක්

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) දිනයේ සිදු කරන බව පවුලේ ඥාතීන් පවසනවා.

ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සකස් කර ඇති පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම විදුලිසැර වැදීමක් හේතුවන් කළුතර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූයේ ඊයේ පස්වරුවේයි.

මිය යනවිට ඔහු 64 වැනි වියෙහි පසු වූණා.

Share This