පුතාගේ ඉලක්කය වැරදී පියා මරුට

පුතාගේ ඉලක්කය වැරදී පියා මරුට

කෑගල්ල දැඩිගම ජයලත් කන්දේ දඩයමේ ගිය පිය පුතු දෙපළක් අතරින් දඩයමක් දුටු පුතා එල්ල කළ වෙඩි පහරක් පියාට වැදී පියා මියගොස් අතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, 47 හැවිරිදි ඩබ්ලිව්.සම්පත් නමැත්තතෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි දරුවා දැදිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වල්ඌරන් කොටුකර ගැනීමට පියා සහ පුතා දෙපැත්තකින් ගොස් ඇති අතර, අනතුරුව පියා විදුලි පන්දම බිමට හරවා ලඳු කැලෑව අතරින් ගමන් කරමින් සිටිය දී පුතා ගිනිඅවිය ක්‍රියාත්මක කර තිබේ.

පසුව තමා අතින් සිදුවු වැරැද්දෙන් පියා මියගොස් ඇතැයි දැනගත් පුතා ඥාතියෙක් සමග පොලීසියට පැමිණ භාරවී ඇති බව වාර්තා වේ.