මැතිවරණ දෙකම කල් දාන්න එජාපයෙන් සැලසුමක්

මැතිවරණ දෙකම කල් දාන්න එජාපයෙන් සැලසුමක්

වැටුණු රට ගොඩ ගැනීම සඳහා තවත් වසර දෙකකට ජනාධිපතිවරයාට බලය ලබා දීම සුදුසු යැයි එක්සත් ජාතික පක්ෂ මහලේ කම් රංග බණ්ඩාර මහතා පවසයි.

අද අපිට කෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසුවා

රටේ ආර්ථිකය සහ රට තීරණාත්මක ගමන් මගකට පැමිණ ඇති මොහොතක ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තවත් වසර දෙකක් දක්වා කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ යුතු බව රංගේ බණ්ඩාර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවක් තියෙන්නේ ඒකටයි ඕනෑම අවස්ථාවකදී හෝ අවශ්‍යතාවය මත ව්‍යවස්ථාව වෙනස් කොට හෝ නැවත ආර්ථිකය ගොඩ එන තෙක් මේ ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදිය හැකියි.

මේ අවස්ථාවේදී රටේ ආර්ථිකයට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීම ලොකු බරක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙවැනි වාතාවරණයක සියලුම මන්ත්‍රීවරුන් එක්ව තීරණයක් ගැනීමත් ජනමත විචාරණයකට යාමත් සුදුසු යයි ඔහු පෙන්වා දෙනවා

එසේ නොවී මැතිවරණ පවත්වා නැවත බංකොලොත්භාවයට පත් කිරීමට කිසිම අයෙකු කැමති නොමැති බවත් ඒ මහතා එහිදී පැවසීය.

@newsi.lkමැතිවරණ දෙකම කල් දාන්න එජාපයෙන් සැලසුමක් #sri lanka #sinhala #news #tiktok #popular #trending #viral #entertainment #challenge #explore #foryou #fyp #instagood #instadaily #foryou #foryoupage #trand #viral #newsi #newsi.lk

♬ original sound – newsi.lk

Share This