මැතිවරණ කල් දැම්මොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – පැෆරල්

මැතිවරණ කල් දැම්මොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – පැෆරල්

මැතිවරණ කල් දැමීමක් සිදු කිරීමට කටයුතු කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකට කල් දමන බවට යෝජනාවක් එජාප මහා ලේකම් රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

වර්තමාන ජනාධිපති පත්වෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් ලෙස. එතකොට වර්ථමාන ජනාධිපතිතුමා මහජන ඡන්දයෙන් තේරී පත් වෙච්ච ජනාධිපති කෙනෙක් නොවෙයි.

වර්ථමාන පාර්ලිමේන්තුවට ජනතා කැමැත්තක් තිබෙනවාද යන්න ප්‍රශ්නයක් .එහෙම තිබියදී යම් දේශපාලන පක්ෂයක් හිතනවා නම් තව වසර දෙකක් ආණ්ඩු කරන්න අපිට හිතන්න වෙන්නේ ඒ අය ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් දෙන්නේ නෑ කියලයි.

මේක අවාසනාවන්ත තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සලකන කිසිවෙක්ට මෙවැනි යෝජනා ගේන්න බෑ.

මේක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය පවා කඩා දැමීමක්.

එක එක දේශපාලන පක්ෂ වල දේශපාලන බලය තහවුරු කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න බෑ.මෙවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුව අවභාවිතා කිරීමක්.

මැතිවරණය කියන්නේ ජනතා කැමැත්ත .

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒක ප්‍රචණ්ඩකාරීව එලියට එන්න පුලුවන්

රට යම් ස්ථාවර තත්ත්වයකට පත් කරන්න ඔවුන් සමත් වෙලා තිබෙනවා නම් මැතිවරණය තබන්න බිය වන්නේ ඇයි දැයි අපි අහනවා.

ජනමතවිචාරණයක් තියන්නත් මැතිවරණය තියන්න යන මුදල වැය වෙනවා.

මේක කරන්න නීතිමය වශයෙන් කිසිම ඉඩක් නෑ.

කරන්න පුලුවන් වෙන්නේ 2/3 බහුතරයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඉන් පසු ජනමතවිචාරණයකට යාමයි.

මෙවැනි දෙයක් කරන්න ඉඩක් නෑ.කෙසේ හෝ කරනවා නම් අපි ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.

ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන නායකයෙක්.අග්‍රාමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි අයෙක්.මේ අයට මෙවැනි යෝජනාවක් පිලිබදව සාකච්ඡාවක්වත් කරන්න හැකියාවක් තිබෙනවා යැයි අපි විශ්වාස කරන්නේ නෑ.