සාපෙළ අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් කිරීම ඇරඹේ

සාපෙළ අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපැල් කිරීම ඇරඹේ

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් තැපැල් කිරීම ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, පාසැල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සහ කාලසටහන් විදුහල්පතිවරුන් වෙත තැපැල් කෙරෙන බවයි, විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සහ කාලසටහන් තැපැල් කරනු ලබන්නේ ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් වෙතයි.

2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා සිට ජුනි මස 8 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

Share This