මාවතගම පාසලක් අසල මදන මෝදක අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මාවතගම පාසලක් අසල මදන මෝදක අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

යුක්ති මෙහෙයුමට සමාගාමීව මාවතගම පොලිස් ස්ථානය මගින් සිදුකරන ලද වැටලීමකදී මාවතගම ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් හා උපකාරක පංති පවත්වන ආයතනයක් අවට මදන මෝදක ගුලි අලෙවි කල පුද්ගලයෙකු මදන මෝදක ගුලි 1875 ක් සමග ඊයේ 20 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කටුපිටිය, අටාල, කෑගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකු වන අතුකෝරාලගේ රවින්ද්‍ර සදරුවන් (අවු. 38) නැමැත්තෙකු වන අතර, මොහු මාවතගම නගරයේ ආයුර්වේද වෙළදසැලක් ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි.

මෙම වෙළදසැල ආසන්නයේම මාවතගම සාමෝදය විද්‍යාලය සහ උපකාරක පංති ආයතනයක්ද පිහිටා ඇති අතර, මාවතගම බස් නැවැතුම්පලහි මදන මෝදක ඔතන ලදැයි සැකකෙරෙන කොළ කිහිපයක් වැටී ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක් මත උපායදූතයෙකු යොදවා වෙළදසැලහි මදකමෝදක ලබාගෙන මෙම වැටලීම සිදුකර ඇත.

මෙම වෙළදසැලේ තිබි මදනමෝදක ගුලි 1875 ක ප්‍රමාණයක් හමුවී ඇති අතර, වෙළදසැලේ හිමිකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මෙම මදනමෝදක ප්‍රමාණය ඊයේ දිනයේ වෙළදසැලට රැගෙන ආ බවත් මේ සදහා ආයුර්වේද බලපත්‍රයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇත.

යුක්ති මෙහෙයුමට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “පවුර” වැඩසටහන යටතේ පාසල් අවට මත්ද්‍රව්‍ය වැළැක්වීම සදහා තවදුරටත් මෙහෙයුම් දියත් කරනු ලබයි.

Share This