හිටපු නාවික හමුදාපති කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ බාරගනී

හිටපු නාවික හමුදාපති කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ බාරගනී

කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වූ හිටපු ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඊයේ (13) කියුබා ජනරජයේ ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

හිටපු හමුදාපතිවරයා කියුබාවේ සිය රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවර නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් මෙලෙස අක්තපත්‍ර පිළිගැන්වීම සිදුකර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද්මිරාල් උළුගේතැන්න මහතා කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස 2023 ඔක්තෝම්බර් මාසයේදී නම් කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස හෙතෙම කටයුතු කර තිබේ.