“මුතු රාජා” අරන් යන්න රුසියානු ගුවන් යානයක් කටුනායකට

“මුතු රාජා” අරන් යන්න රුසියානු ගුවන් යානයක් කටුනායකට

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ සක් සුරින් හෙවත් මුතු රාජා ඇතා, යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු “ඉලුෂියන් ” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (30) රාත්‍රීයේ පැමිණ ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරණ ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 11.30ට පැමිණ තිබුණි.

මුතු රාජා ඇතා දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා අද (01) මධ්‍යම රාත්‍රී 12.00 පිටත් වීමට නියමිතය.

මුතු රාජා ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා හෙට (02) අලුයම 03.00 ට පමණ පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Share This