ශ්‍රී ලංකාව බංග්ලාදේශ ණයෙන් කොටසක් ගෙවා දමයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශ ණයෙන් කොටසක් ගෙවා දමයි

බංග්ලාදේශයෙන් 2021 වසරේ දී ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් ඩොලර් මිලියන 50ක් ගෙවා දැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.

අගෝස්තු මස 17 වැනිදාට ගෙවීමට නියමිතව තිබූ පළමු වාරිකය මෙලෙස ගෙවා ඇති බවයි, බංග්ලාදේශ මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රකාශකයෙකු පැවසුවේ

තවත් වාරිකයක් ලබන 30 වැනිදාට ගෙවීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකාවේ දිගින් දිගටම පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ණය මුදල ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබුණා.

ඒ අනුව බංග්ලාදේශ අදාළ ණය මුදල් ගෙවීම අදියර දෙකකින් දීර්ඝ කිරීමටයි පියවර ගත්තේ.