දරුඵල ලබාගන්න අත්බෙහෙතක් පානය කළ තරුණියක් මරුට

දරුඵල ලබාගන්න අත්බෙහෙතක් පානය කළ තරුණියක් මරුට

දරුඵල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.

ඇය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත.

ඇයට මෙම ඖෂධය විරේකයක් ලෙස ලබා දී ඇති අතර පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (10) දින ඇයව ජයන්තිපුර රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසේවෙතත් ඒ්වනවිටත් ඇය මියගොස් සිටි බවයි, රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය පොළොන්නරුව මහා රෝහලේ තැන්පත් කර ඇත.

 

 

Share This