නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන් හි මෙම මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

Share This