ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුමැතිය

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුමැතිය

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් කර ඇති අතර නෛතික හා ආයතනික ගැටලු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් වෙත නීතිමය පිරික්සීම සඳහා යොමු කර තිබෙන බව රජය පවසයි.

මෙම ගිවිසුම යටතේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංවේදී ලැයිස්තුවේ වර්ගීකරණය කරන ලද යෝජිත වර්ගීකරණ සංකේතාංක මත අදාළ වන සමුච්චිත තීරු බදු වලින් සියයට 50ක් ගිවිසුම බලාත්මක වූ දින සිට දින 16ක් වන වසර ආරම්භයේදී එකවර ඉවත් කිරීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කිරීමටත් ඒ අනුව, තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි කාලසීමාව වසර 18 සිට වසර 16 දක්වා අඩු කිරීමටත් 09 වන සාකච්ඡාවේදී දෙපාර්ශ්වය එකඟතාවයට පත්ව ඇතැයි රජය කියයි.

එම එකඟතාව පරිදි ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Share This