2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර හරහා හම්බන්තොටට

2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර හරහා හම්බන්තොටට

කැළණිවැලි දුම්රිය මාරගය අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා දීර්ඝ කිරීමේදී දැනට දුම්රිය මාර්ග, මහා මාර්ග ලෙස සකසා ඇති නිසා ඒවා විතැන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කොමිසමක් පත්කරන ලෙද දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. ගුණසිංහ හහතා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රජයේ භෞමික සැලැස්මේ දැක්වෙන ආකාරයට 20230දී කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ල සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති බව එම ලිපියෙන් පෙන්වා දෙයි.

අවිස්සාවෙල්ල් දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කළ යුතුව ඇතැයිද ඒ අනුව එම දුම්රිය ස්ථානයේ දුම්රිය පහක් නැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යොමු කළ ලිපියේ දැක්යෙි.

කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරිම සම්බන්ධව සොය බැලීමට යෝජනා කරන කොමිෂම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියේජ්‍ය ප්‍රධාන ඉංජිනේරු පී.ජේ. ප්‍රෙමතිලක මහතා පත්කිරීම සුදුසු බවද එම ලිපියේ දැක්වෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (3 )