ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද

ලොව විශාලතම මැතිවරණයක් වන ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද (01) ආරම්භ වෙයි.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 04 වැනිදා සිදුවන අතර, එසැණින් ප්‍රතිඵල ද නිකුත් කිරීමට නියමිතයි.

අවසන් අදියරේ දී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනය ද ඒ අතර වෙයි. වරණාසි යනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආසනයයි. 2014 වසරේ සිට වරණාසි ආසනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ මෝදිය.