පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් අද

පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් අද

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස පසුගියදා මැතිවරණ කොමිසම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව, අද දිනයේ දී එම සාකච්ඡාව ලබාදී ඇති අතර කොමිසමේ සියලු සාමාජිකයින් එම සාකච්ඡාව සඳහා සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේය.

අද පෙරවරු 11.30ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

 

Share This