නාමල්ට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය

නාමල්ට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම අද (27) දින පස්වරුවේ කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාළ තීරණය ගෙන ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු භාර වන බව ද එම පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පවැසීය.