නාමල්ගේ සඟ සමුළුව ලත් තැනම ලොප්

නාමල්ගේ සඟ සමුළුව ලත් තැනම ලොප්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වීම සඳහා සැලසුම් කළ ‘දස බල සේනා’ ව්‍යාපෘතිය ආරම්භයේදීම ව්‍යර්ථ වී ති⁣බේ.

නාමල් රාජපක්ෂ රට ඔසවා තැබීම සඳහා මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම ව්‍යාපෘතියේ පළමුවැන්න මහා සඟ සමුළුවක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කර තිබුණද එය මුළුමනින්ම අසාර්ථක වී ඇතැයි පැවසේ.

ඉකුත් 14 වැනිදා නාගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මෙම සඟ සමුළුවට සංඝයා වහන්සේ දහසක් සහභාගි කරවීමට යෝජනා කර තිබුණද, අවසානයේ ඒ සඳහා 100 දෙනෙකුවත් සහභාගි වී නොතිබූ බවද සඳහන් වෙයි.

සංඝයා වහන්සේ කිහිපදෙනාට අමතරව මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඊට සහභාගි වී තිබිණි.

කෙසේ වුවද දේශපාලන විචාරකයන් පවසන්නේ පොදු ජනතාව අතට යන්නට තරම් ජනප්‍රියතාවක් නොමැති නාමල් රාජපක්ෂ සිය පියාගේ කූට උපක්‍රම භාවිත කරමින් සංඝයා වහන්සේ අවභාවිත කරමින් දේශපාලන ගමනක් යන්නට සැලසුම් කළද එයද ලත් තැනම ලොප් වී ඇති බවයි.

 

 

Share This