පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පත් කර තිබේ.

අයදුම්පත් කැඳවා කළ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තුසිත මැන්දිස් මහතා එම තනතුරට පත් කර තිබේ.

තුසිත මෙන්දිස් මහතා නව ධුරයේ ඊයේ රාජකාරි ආරම්භ කළේ ය.

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ ඔහු මෙරට පුරාවිද්‍යා ගවේෂණ හා කැණිම් රැසකට සම්බන්ධව කටයුතු කළ විද්වතෙකි.