දයාසිරිගෙන් නව සන්ධානයක් ළඟදීම – ජනපති සටනට එන්නත් සැලසුම්

දයාසිරිගෙන් නව සන්ධානයක් ළඟදීම – ජනපති සටනට එන්නත් සැලසුම්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් පිහිටුවාගත් ‘මානුෂීය ජනතා සන්ධානය’ එළිදැක්වීම ලබන 20 දා සවස 2.00ට කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ දී සිදු කිරීමට නියමිතයි.

ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 18ක එකමුතුවෙන් සැඳුම්ලත් මානුෂීය ජනතා සන්ධානයේ පක්‍ෂවල ගිවිසුම් අත්සන් කිරීම මෙදින සිදු කිරීමට නියමිතය.

උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ලියාපදිංචි පක්‍ෂ නව සන්ධානය සමග ගිවිසුම් අත්සන් කිරීම මෙදින සිදු කෙරෙන බවත්, පිළිගත් සිවිල් සංවිධාන හතළිහකට ආසන්න සංඛ්‍යාවක් නව සන්ධානයට සහයෝගය ලබාදීමට කැමැත්ත පළකර ඇති බවත් නව සන්ධානයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

නව සන්ධානයේ ප්‍රතිපත්ති වලට ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් එකඟ වුවහොත් ඔවුන්ට සන්ධානයේ සහයෝගය ලබාදෙන බවත්, එසේ නොවුණ හොත් ජාතික මැතිවරණයේ දී මානුෂීය ජනතා සන්ධානයේ නායකයා ලෙස දයාසිරි ජයසේකර ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කරන බවත් සන්ධානයේ මාධ්‍ය අංශය පවසයි.