තවත් හඳුනානොගත් උපකරණයක් නාගර්කෝවිල් වෙරළ තීරයට

තවත් හඳුනානොගත් උපකරණයක් නාගර්කෝවිල් වෙරළ තීරයට

යාපනය වඩමාරච්චි නාගර්කෝවිල් නැගෙනහිර මුහුදු තීරයට ඊයේ (01) සවස හඳුනාගත නොහැකි යකඩ වස්තුවක් ගොඩගසා තිබුණු බවට ප්‍රදේශයේ ධීවරයින් පවසති.

නාගර්කෝවිල් නැගෙනහිර ධීවරයින් මසුන් අල්ලමින් සිටින අතරතුර මෙම අත්භූත වස්තුව ගොඩගසා ඇති අතර එහිදී ධීවරයින් එක්ව එය වෙරල‌ට රැගෙනවිත් ඒ් පිළිබඳව පොලීසියට හා නාවික හමුදාවට දැනුම් දී ඇත.

අදාල ස්ථානයට ගිය පොලීසියට හා නාවික හමුදා නිලධාරීන්ටද ගොඩගසා ඇති වස්තුව කුමක්දැයි යන්න හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර එය පැමිණියේ කුමන ප්‍රදේශයක සිටදැයි යන්න පිළිබඳවද පුළුල් පරික්ෂණයක් සිදුකරමින් සිටියි.

පසුගිය සතියේ වඩමරච්චි උඩුතුරේ ප්‍රදේශයට විවිධ කොඩි වලින් සරසන ලද යාත්‍රාවක් පැමිණ තිබූ අතර මෙවර පැමිණ ඇත්තේ යාත්‍රාවක් නොවේ යැයි වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ධීවරයෝ ප්‍රකාශ කරති.

මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටින්නේ, මෙලෙස ගොඩගසා ඇත්තේ යකඩින් නිර්මාණය කරන ලද වස්තුවක් බවටත් එය මිනිසුන්ට දඩුවම් ලබාදෙන ආකාරයකට නිර්මාණය කර ඇති බවටත් එය කුමන ප්‍රදේශයක සිට පැමිණියේදැයි තමන් නොදන්නා බවත්ය.

Share This