මන්නාරමේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

මන්නාරමේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට

මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලිසය පවසයි..

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 55 හා 47 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමේ දී එය රියඅනතුරක් නොව වෙඩි තැබීමක් බවට හෙළි වු බව පොලිසිය පවසයි.

පාළු ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති හෙයින් කුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.