5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයතු ආරම්භ කිරීමට නියමිතයි.

අද සිට ලබන 31වනදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදු කරන අතර දකුණු පළාතේ වාර විභාග පැවැත්වෙන බැවින් එම පළාතේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ කරන බවයි, විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This