පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට විශේෂ ආරක්ෂාවක්

පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට විශේෂ ආරක්ෂාවක්

පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පැවසීය.

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා පොදු ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමක් සිදු වන බවට ලද නිර්නාමික තොරතුරක් අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමත් සමඟම ඊයේ (19) සවස ලද විශේෂ පොලිස් පණිවුඩයක් අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව ඒ මහතා කීවේය.

පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන දාහතරක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන තුනක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන හයක් ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ යොදා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවත්, ඊට අමතරව ආගන්තුක පුද්ගලයන් එම ප්‍රදේශවල ගැවසුනහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් දැනුම්වත් කිරීමට පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරී සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Share This