පුද්ගල ඝාතනයකට යමින් සිටි දෙකක් කොටුවෙයි

පුද්ගල ඝාතනයකට යමින් සිටි දෙකක් කොටුවෙයි

පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා ටී 56 වර්ගයේ ගිනි අවියක්, රැගෙන මෝටර් රථයකින් යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෙල්ගොඩ වීරප්පන් සහ බාජා නැමැති අන්වර්ථ නාමවලින් හදුන්වන 46 සහ 29 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පැවසීය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව දෙල්ගොඩ සිට අගුරුවාතොට දෙසට ගමන්කල මෝටර් රථය නාර්තුපාන පාළම ආසන්නයේ දී නවතා පරීක්ෂා කිරීමේදී උණ්ඩ 28 ක් සහිත මැගසීනයක් සහිත ටී 56 ගිනිඅවියක්, කඩු 2 ක්, අත් බෝම්බ 2 ක් සහ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 11 ක් සොයාගෙන මෝටර් රථය සමග භාරයට ගෙන තිබේ.

තවදුරටත් ප්‍රධාන සැකකරුගේ නිවස වටලා පරීක්ෂා කිරීමේදී තවත් කඩු 5 ක්, වායු රයිෆලයක්, ගල්කටස් ගිනිඅවියක්, සොයාගත් බවද පොලිසිය කීය.