මරණයකින් කෙළවර වූ නත්තල් සාදය

මරණයකින් කෙළවර වූ නත්තල් සාදය

වැලිකඩ, වල්පොල ප්‍රදේශයේ විජිතපුර මාවතේ දී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, ඊයේ (25) රාත්‍රී කාලයේ සාදයක් අතරතුර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම පහරදීම සිදුව ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි වල්පොල, විජිතපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මරණකරු තවත් තිදෙනෙකු සමඟ සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමක් මත සිදු වූ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ලයා මිය ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනයට සම්බන්ධ වල්පොල අංගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.