ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අගුණකොළපැලැස්ස, අබේසේකර ගම ප්‍රදේශයේ තිබී ඝාතනය කර ඇති බවට සැකකෙරෙන තරුණයෙකුගේ මළසිරුරක් අද (13) උදේ හමුවූ බව පොලිසිය පවසයි.

තරුණයාගේ මළසිරුර අසල ඔහු ගමන් ගත් යතුරුපැදියද ජංගම දුරකථනයද වැටී තිබියදී සොයාගෙන තිබේ.

ඝාතනයවූ තරුණයා 23 හැවිරිදි අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් නැමති අබේසේකර ගම ආමි ඇල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවට හදුනාගෙන ඇත.

මෙම අභිරහස් මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකරයි.